(Platy fish)ප්ලේටි මසුන් ගැන දැනගමු.



මෙම මසුන් විශේෂය  උතුරු හා මධ්‍යම ඇමරිකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.එමෙන්ම ඕනෑම සාමකාමි මසුන් වර්ගයක් එක්ක ලේසියෙන්ම ඇතිකරන්න පුලුවන් මලු විශේෂයකි.

 මෙම ප්ලේටි මසුන් වර්ගය 20 ට වැඩි ප්‍රමානයක් සිටින අතර මෙම මසුන්ගේ වර්න සහ වරල්වල හැඩයන් ගෙන් තමයි බොහෝදුරට  මෙයාලගෙ වර්ග වෙන්කල තියෙන්නේ .

 ඒවාගෙම මෙම මසුන් විශේෂය ආක්‍රමනශීලී ගතියෙන් අඩු මසුන් විශේෂයක් උනත් මොවුන් අබිජනනයවන කාල වලදි පොඩි ආක්‍රමණශීලී ගතියක් පෙන්නුම් කරනව.සාමාන්‍යයෙන් ප්ලේටි මසුන් අගල් 1.5 - 2.5 ත් (1.5 - 2.5 inch) අතර ප්‍රමානයක් වරදනය වන අතර මෙම විශේෂයේ ආයුකාලය අවුරුදු 03 - 04 අතර කාල පරාසයක් මෙයාල ජීවත්වනවා .



*ප්ලේටි මසුන් ඇතිකරීමේදී සැලකිලිමත්   වියයුතු කරුණු ,




 මෙම මත්ස්‍ය විශේෂයට අවම වශයෙන් ලීටර් 40 (40L)හෝ ඊට වැඩි ජලදාරිතාවයක් එනම් අඩියක් හෝ ඊට වැඩි  මත්ස්‍ය ටැන්කියක් අවශ්‍ය වනවා.එමෙන්ම මෙම ප්ලේටි මසුන්ට ජීවත් වීමට අවශ්‍ය ජලයේ Ph අගයන් සහ අවශ්‍ය උශ්නත්ව අගයන් ගැන සදහන් කරනවනන්, ph අගය 7-8 ph අතර ප්‍රමානයක් වගේම උශ්නත්වය 18C°-26C° අතර ප්‍රමානයක පවත්වාගතයුතු වේ.

 එමෙන්ම මෙම ප්ලේටි මසුන් එයාලගෙ පැටවුන් ආහාරයට ගන්නා මසුන් විශේෂක් නිසා ඔබ මෙම මත්ස්‍යයන්ගේ පැටවුන් රැකබලා ගැනීමට කැමතිනම් ඔවුන් මව් සතුන් ගෙන් ආරක්ෂා කරගැනීමට ජලජ පැලෑටි (උ.දා- හයිඩ්‍රිල්ලා ,ෆෑන් වර්ට්) පාවිච්චි කරන්න පුලුවන් වගේම කුඩා පැටවුන් මව් සතුන් ගෙන් වෙන්කර රැකබලා ගැනීමට පුලුවන් . 

 එසේම ප්ලේටි මසුන්ට බාල කෑම වර්ග සහ ටැංකියේ ඇමෝනියා සහ නයිට්‍රජන් අගයන් වැඩි උවහොත් විවිද ලෙඩ රෝගයන් වැලදීමේ හැකියාව ඇති අතර (හුස්ම ගැනීමේ අපහසුතා,බඩ ඉදිමීම,වරල් හැලීම,සමේ රෝග) එමනිසා ජලයේ ගුනාත්මකබාවය ගැන සැලකිල්ලට ගැනීම වැදගත් වේ. ජලයේ ගුනාත්මකබාවය පවත්වාගෙන යාමට සාමාන්‍යයෙන් සතියකට සැරයක් ටැංකියේ ජලදාරිතාවයෙන් 1/3 ජලය මරුකිම මගින් පුලුවන.

*පිරිමි සතුන් සහ ගැහැනු සතුන් හදුනා ගමු,



 මෙම මත්ස්‍යයන් ගප්පි මසුන්ට සමාන මසුන් වර්ගයක් නිසා මෙයාලගෙ පිරිමි මත්ස්‍යයාට වඩා ගැහැනු මත්ස්‍යයා විශාල වේ.සාමන්‍යයෙන් පිරිමි මත්ස්‍යයෙක් අගල් 1.5 (1.5inch) පමන වර්දනය වන අතර ගැහැනු මත්ස්‍යයෙක් අගල් 2.5 (2.5inch) ප්‍රමානයක් වර්දනය වේ.

 එමෙන්ම පිරිමි මත්ස්‍යයාගේ ගුද වරල දිගටි උල්වු ස්වරූපයක් වන අතර ගැහැනු මත්ස්‍යයා ගේ ගුද වරල අවානක් මෙන් රවුමට පිහීටා ඇත. එසේම ගැහැනු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයාට වඩා විශාල වේ.(මොවුන් පැටවුන් බිහිකරන මත්ස්‍ය විශේෂය කි.)

*ප්ලේටි මසුන් සමග එකට හදන්න පුලුවන්   මත්ස්‍ය වර්ග,


- ගප්පි මසුන් 
- මොලී මසුන් 
- සීබ්‍රා මසුන් 
- ස්වෝඩ් ටේල් මසුන් 
- කුඩා ටෙට්‍ට්‍ර විශේෂ

*ආහාර ලබාදීම ,


 මෙම මසුන් සර්වබක්ශක මසුන් විශේෂයක් නිසා සජීවී කෑම (live food) වර්ගයන් වගේම ශාකමය ආහාර වර්ග ලබාදීම හැකියාක් ඇත.මෙම මත්ස්‍ය විශේෂයට පමනක් නොව ඕනෑම මසුන් විශේෂයකට ඔබ කෑම ලබාදෙනවිට හොද පෝෂ්‍යදායී ගුනාත්මකබාවය වැඩි කෑම ලබාදීම වැදගත් වේ.

*අභිජනනය,

 මොවුන් අනෙකුත් පැටවුන් බිහිකරන මසුන්ට සමාන අභිජනනයක් පෙන්වයි. තවද මොවුන්ගේ පිරිමි සතුන් ගැහැනු සතුන් කෙරෙහි රළු බවක් (aggressive) දක්වයි. ගැබ් කාලය දින 30 45 ත් අතරවේ. මාස 3ත් 4ත් අතර කාලයේදී ලිංගිකව පරිනත වේ.

 අභිජනන ටැංකි සඳහා පිරිමි හා ගැහැනු සතුන් ගේ අනුපතය 1:3 වේ. මෙම අනුපාතය මගින් ගැහැනු සතුන්ට ආතතිය අඩු කල හැකි අතර පිරිමි සතුන් අතර ගැටීම් ද අඩු කල හැක. ජලයේ Ph අගය පිලිබඳ සැලකිලිමත් විය යුතු වේ. සාමාන්‍යයෙන් ගැලුම් 10 ක පමණ ටැංකියක් මුලින් භාවිතා කල හැකි අතර පසුව ගහනය වැඩිවන විට විශාල ටැංකියක් භාවිත කල යුතුය.
                                                                      -lrguides-

Comments