Zebra fish (සීබ්‍රා මසුන්)

 

Zebra fish 
 

        සීබ්‍රා මසුන් යනු cypriniformes ගෝත්‍රයේ minnow පවුලට අයත් මිරිදිය මත්ස්‍ය විශේෂය කි.එසේම මෙම මත්ස්‍ය විශේෂය දකුණු ආසියාවට අයත් මත්ස්‍ය විශේෂයක් .මෙම මසුන් විසිතුරු මසුන් රැකබලාගන්නන් අතර ගොඩක් ජනප්‍රිය මසුන් විශේෂයක්  , එසේම ක්‍රියාශීලී මසුන් වර්ගයක් වේ.

 සීබ්‍රා මසුන් ගොඩක් ආක්‍රමණශීලී මසුන් වර්ගයක් නොවන නිසා අනිත් ඕනෑම සාමකාමි මසුන් වර්ගය සමග ලේසියෙන්ම රැකබලා ගැනීමට හැකි වේ.

 මෙම මසුන්ට සීබ්‍රා ලෙස නම් කර ඇත්තේ මෙ මත්ස්‍යයාගේ සිරුරේ පැත්තේ ඇති ඒකාකාර ඉරි පහ සීබ්‍රා ගේ ඉරි සිහිගන්වන නිසා ය.මෙම ඉරි පහ සීබ්‍රා මත්ස්‍යයාගේ පිටුපස වරල දක්වා විහිදී ඇත .මෙම මත්ස්‍යයෙකුගේ දිග සෙන්ටිමීටර් 4-5 (4 - 5cm)ක් දක්ව ලගාවිය හැකි අතර, සාමාන්‍යයෙන් සීබ්‍රා මත්ස්‍යයෙක් 1.8 - 3.7 cm අතර ප්‍රමානයක් වරදනය වේ. එමෙන්ම මෙම මත්ස්‍ය විශේෂය උපරිම ආයුකාලය අවුරුදු 02 ත් 03 අතර ප්‍රමානයක් වේ.හොඳ පෝෂණයක් සහ හොද පරිසර තත්ත්වයක් යටතේ අවුරුදු 05 කට වඩි ආයුකාලයක් ජීවත් වේ.

ගැහැනු සතුන් සහ පිරිමි සතුන් හදුනා ගමු ,


*පිරිමි සතාට නිල් ඉරි අතර රන්ඉරි ඇත; ගැහැණු සතාට රන් වෙනුවට විශාල,සුදු පැහැති බඩක් සහ රිදී ඉරි ඇත.

*පිරිමි මත්ස්‍යයා සිහින් දිගටි හැඩයක් ගන්නා අතර ගැහැනු මත්ස්‍යයාගේ උදර ප්‍රදේශය උස් වූ ස්වරූපයක් මෙන්ම ඉදිරියට නෙරාආ ස්වරූපයක් පෙන්නුම් කරයි.

*එසේම ගැහැනු මත්ස්‍යයාගේ ගුද වරල රවුම් හැඩයක් ගන්නා අතර පිරිමි මත්ස්‍යයාගේ ගුද වරල ත්‍රිකෝනාකාරව පිහිටා ඇත .

*ගැහැනු මත්ස්‍යයාගේ වරල් වලට වඩා පිරිමි මත්ස්‍යයාගේ වරල් රලු ස්වභාවයක් ගනී.

සීබ්‍රා මසුන් රැකබලා ගැනීමේ දී සැලකිලිමත් වියයුතු කරුණු ,



 විසිතුරු මසුන් අලෙවිකරණ අලෙවිසැල් වල ඇත්තෙ සීබ්‍රා ඩෑනියෝ කියන මත්ස්‍ය විශේෂය යි,මෙම විශේෂය ජානමය වශයෙන් වෙනස්කර නිර්මාණය කරන ලද මසුන් විශේෂයක් නිසා මෙම විශේෂයන්ට ජලයේ සිදුවන විවිධ වෙනස්කම් දරාගැනීමේ හැකියාව අඩු මත්ස්‍ය විශේෂයක් වේ.එමනිසා ජලයේ ගුනාත්මකබාවය ගැන සැලකිලිමත් වියයුතු වේ.

 එසේම කලින් සදහන් කල පරිදි සීබ්‍රා මසුන්ට දරාගැනීමේ හැකියාව අඩුු මත්ස්‍ය විශේෂයක් නිසා මත්ස්‍ය ටැන්කිය නිතරම පිරිසිදු නොකළ යුතු වේ. එමනිසා මත්ස්‍ය ටැන්කියේ ජලය මාරුකිරීමේදී ,සති 3ට සැරයක් මත්ස්‍ය ටැන්කියේ ජලදාරිතාවයෙන් 1/4 හෝ 2/4  ක් පමනක් වතුර මාරු  කල හැකිය.

 එසේම පිරිසිදු ජලය සහ ගුනාත්මක ආහාර වර්ග  නොලැබීමෙන් මෙම මත්ස්‍යයන්ට විවිද ලෙඩ රෝග ලේසියෙන්ම වැලදීමේ හැකියාව ඇති මසුන් විශේෂයක් නිසා හොද පෝෂ්‍යදායී ආහාර වර්ග සහ පිරිසිදු ජලය සපයාදීම වැදගත් වේ. 

 එසේම සීබ්‍රා මසුන්ට අවශ්‍ය ජලයේ උශ්නත්ව අගයන් සහ ph අගයන් ගැන සදහන් කරනවනන් උශ්නත්වය 18 - 24 C° ත් අතර ප්‍රමානයක් වන අතර ph අගය 6.5 - 7ph ත් අතර ප්‍රමානයක් වේ.


සීබ්‍රා මසුන් සමග එකට රැකබලා ගැනීමට හැකියාව ඇති මසුන් විශේෂ,


 මෙම මසුන් විශේෂය ආක්‍රමනශීලී නොවන මසුන් විශේෂයක් වගේම මින්මැදුරේ සිටින අනෙකුත් මසුන් සමග මිත්‍රශීලීව කටයුතු කරන මසුන් විශේෂය කි.

*බාර්බ් මසුන් 
*ටෙට්‍ට්‍ර මසුන් 
*ගුරාමි මසුන් 
*ප්ලේටි මසුන් 
*ස්වෝඩ් ටේල් මසුන් 
*මොලී මසුන් 
*ගොල්ඩ් ෆිෂ් මසුන් 
*කෝරි ෆිෂ් 

පෝෂණය , 




 මෙම මසුන් සර්වබක්ශක මසුන් විශේෂයක් නිසා සජීවී කෑම (live food) වර්ගයන් වගේම ශාකමය ආහාර වර්ග ලබාදීම හැකියාක් ඇත.මෙම මත්ස්‍ය විශේෂයට පමනක් නොව ඕනෑම මසුන් විශේෂයකට ඔබ කෑම ලබාදෙනවිට හොද පෝෂ්‍යදායී ගුනාත්මකබාවය වැඩි කෑම ලබාදීම වැදගත් වේ.
 හොද පෝෂ්‍යදායී ගුනාත්මකබාවය ආහාර වර්ග ලබාදීමේන් හොඳ වර්දනයක් සහ මත්ස්‍යයාගේ වර්නයන් වැඩිකර ගතහැකි වේ.
                                                                 
                                                                      -lrguides-

Comments

Anonymous said…
💪👍😍
Anonymous said…
👍❤️
Anonymous said…
👍💪