ලේසියෙන්ම හදන්න පුළුවන් විසිතුරු මසුන් වර්ග

 *මාලු හදන්න මුලින්ම එන අයට ලෙසියෙන්න්ම හදන්න පුලුවන් මලු වරිග 06 ක් ගැන තමා මෙම ලිපියෙන් කියන්න යන්නෙ. 

  එවගේම  මන් කලින් සදහන් කරල තියන පරිදි ඔයා මලුහදන්න මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් අවම වශයෙන් අඩි 1 ත් 1.5 අතර ප්‍රමානයේ ටැන්කියක් අවශ්‍යවේ.



01.ගප්පි මසුන් 



  මෙම මසුන් වර්ගය ගොඩක් විශල වන මලු වර්ගයක් නොවන අතර සාමාන්‍යයෙන් අගල් 1.5 ත් 2(1.5-02 inch) අතර ප්‍රමානයක් වරදනය වන මාලු විශේෂයකි.එමෙන්ම විවිධ වරල් හැඩයන් ගෙන් මෙන්ම විවිද වර්නයන් ගෙන් යුක්ත ගප්පි ප්‍රබේද දක්නට ලැබේ .

  මෙම විශේෂය ආක්‍රමණශීලී මසුන් වර්ගයක් නොවන අතර රන්චු වශයෙන් ඇතිකරන්න පුලුවන් හොද මසුන් විශේෂයක් වේ.මෙම විශේෂයෙන් ගේ වර්නයන් ලෙස රතු,කහ,තැබිලි,නිල්,කලු සහ මෙම වර්නයන්ගේ මිශ්‍ර වර්නයන්ගේන් යුක්ත ගප්පි විශේෂ දක්නට ලැබේ .

02.මොලී මසුන්



  මෙම මොලී මසුන්  ගැන සදහන් කරන විට මෙම වර්ගයේ ප්‍රබේද විශාල සංඛ්‍යාවක් මෙන්ම තනි වර්න මෙන්ම මිශ්‍ර  වර්නයන් ගෙන් යුක්ත මොලී මසුන් දක්නට ලැබේ. 

  මෙම මසුන් විශේෂය උපරිම වශයෙන් අගල් 03 - 05(03-05 inch) ත් අතර ප්‍රමානයක් වරදනය වන අතර වෙනත් ඕනෑම සාමකාමි මසුන් වර්ගයක් සමග ලේසියෙන්ම ඇතිකරන්න පුලුවන් මලු විශේෂයකි.මොලී මසුන් විවිධ වර්නයන් ගෙන් යුක්ත වන නිසා තොරාගැනී මේ හැකියාව වැඩි මසුන් වර්ග කි.

03.ස්වොර්ටේල් මසුන් (swordtail fish)



  මෙම මසුන් විශේෂයේ පිටුපස වරල කඩුවක් ආකාරයට පිහිටා තිබීම නිසා ලේසියෙන්ම හදුනාගත හැකි මසුන් විශේෂයක් වේ.නමුත් මෙම විශේෂයේ පිරිමි මත්ස්‍යයාගේ පමනයි පිටුපස වරල කඩුවක් ආකාරයට පිහිටන්නේ. එමෙන්ම මෙම විශේෂය උපරිම වශයෙන් අගල් 06ක්(06 inch) පමන වර්දනය වේ.

  එමෙන්ම රන්චු වශයෙන් ඇතිකරන්න පුලුවන් මසුන් විශේෂයක් වෙ.මෙම මසුන් විශේෂය ග්ප්පි,ප්ලේටි වර්ගන්ට සමාන මාලු විශේෂයක් නිසා අනිත් පොඩි මාලු සමගත් එකට හදන්න පුලුවන් මසුන් විශේෂයකි.

04.ප්ලේටි මසුන් 



  මෙම ප්ලේටි මසුන් යනු ඕනෑම මසුන් වර්ගය සමග ලේසියෙන්ම ඇතිකරන්න පුලුවන් මසුන් වර්ගයකි. ඒවාගෙම ප්ලේටි මසුන් වර්ග කිහිප යක් ඇති අතර කුඩා මසුන් විශේෂය කි.මෙම විශේෂය සාමාන්‍යයෙන් අගල් 03 (03inch) පමන වර්දනය වේ.ප්ලේටි මමත්ස්‍යයාගේ උපරිම ආයුකාලය අවුරුදු 03 ත් 05 ත් අතර කාල පරාසයක් ජීවත් වේ. මෙම මසුන් තැබිලි පැහැයෙන් යුක්ත වේ.

05.ගුරාමි මසුන්



  ගුරාමි ගැන සදහන් කරන විට හැම ගුරාමි වර්ගයක්ම ලේසියෙන්ම ඇතිකරීමට පහසු නොවන අතර සාමාන්‍යයෙන් පල් ගුරාමි ,බ්ලු ගුරාමි ,යෙලෝ ගුරාමි වැනි ගුරාමි වර්ග පමනයි පහසුවෙන් ඇතිකරීමට හැකිවන්නේ.

  සාමාන්‍යයෙන් අවුරුදු 04 ත් 05 අතර ආයුකාලය ජීවත් වන මෙම මසුන් විශේෂය අගල් 04 - 05(04-05 inch) ත් අතර ප්‍රමානයක් වර්දනය වේ. එමෙන්ම මෙම මසුන් විශේෂයට වතුරෙන් පිටත වාතය හුස්ම ගැනීමට හැකියාවක් ඇති අතර ගොඩක් ශක්තිමත් මසුන් වර්ගයක් නිසා පහසුවෙන් හදන්න පුලුවන් මාලු වර්ගයක් වේ.

06.බේට මසුන්(ෆයිටර් මසුන්)



  ෆයිටර් මසුන් යනු  විසිතුරු මසුන් ඇතිකරන්නන් අතර ගොඩක් ප්‍රසිද්ධ මසුන් විශේෂය කි. මෙම මසුන් විශේෂය ගුරාමි පවුලට අයත් මසුන් විශේෂය කි. 

  සාමාන්‍යයෙන් අගල් 03 ක් පමන වර්දනය වෙන මෙම විශේෂය ගොඩක් ආක්‍රමණශීලී මසුන් විශේෂයකි. ෆයිටර් මසුන් නොහොත් බේට මසුන් විශේෂ විශාල සංඛ්‍යාවක් සිටින අතර විශාල වර්න පරාසයන් ගෙන් යුක්ත වේ.

ෆයිටර් මසුන් ගේ ගැහැනු සතුන් එකට ඇතිකිරීමට හැකියාව ඇති නමුත් පිරිමි මසුන් ආක්‍රමණශීලී ගතිය වැඩි නිසා තනි තනිව ඇතිකරනු ලැබේ.මෙම විශේෂයටත් ගුරාමි මසුන් මෙන් ජලයෙන් පිටත හුස්ම ගැනීමට හැකියාව ඇති මසුන් විශේෂය කි.

                                                  -Lrguides-

 




Comments

Anonymous said…
Nice👍