ඒන්ජල් මසුන්(Angelfish)

ඒන්ජල් මත්ස්‍යයා 



  මෙම මසුන් විශේෂය ගැන සදහන් කරන විට මොවුන් ගොඩක් අලන්කාර මත්ස්‍ය විශේෂයක් මෙන්ම ගොඩදෙනෙක් අතර ජනප්‍රිය මසුන් විශේෂය කි.එමෙන්ම ඒන්ජල් මත්ස්‍යයාගේ නිජබිම වන්නේ දකුණු ඇමරිකාවයි. 

  මෙම මසුන් විශේෂය සිච්ලිඩ් (Cichlid) පවුලට අයත් මසුන් විශේෂයක් මෙන්ම සාමකාමී මත්ස්‍ය විශේෂයක වේ. ඒන්ජල් මසුන්ගේ වර්නයන් ගැන සදහන් කරනවනන් සිල්වර් , රත්‍රන්  , කහ , කලු , සුදු සහ කලු , සිල්වර් සහ කහ වැනි වර්න විශාල ප්‍රමානයක් ඇති අතර මෙම මසුන්ගේ ප්‍රබේද 50 ට වැඩි ප්‍රමානයක් සිටී.




 එමෙන්ම මෙම මසුන් විශේෂය උපරිම වශයෙන් අගල් 06 (15cm) ක් පමන වර්දනය වන අතර අවුරුදු 10 පමන ආයුකාලයක් ජීවත් වේ.


*ඒන්ජල් මසුන් රැකබලා ගැනීමේදී සැලකිලිමත්  වියයුතු කරුණු ,


 මෙම මසුන්ට අවම වශයෙන් ගැලුම් 15 - 25 ත් අතර මත්ස්‍ය ටැන්කියක් අවශ්‍ය වේ .එමෙන්ම මෙම මසුන්ට අවශ්‍ය ජලයේ Ph අගයන් සහ ජලයේ උශ්නත්ව අගයන් ගැන සදහන් කරනවනන් ph අගය 6.5 - 7.5 ත් අතර ප්‍රමානයක් මෙන්ම ජලයේ උශ්නත්වය 24C° - 30C° ත් අතර ප්‍රමානයක පවත්වාගතයුතු වේ .

 මේ ඒන්ජල් මසුන් දික් වනවාට වඩා ටිකක් උසවෙන මසුන් විශේෂයක් නිසා ටිකක් උස මත්ස්‍ය ටැන්කියක් අවශ්‍ය වනවා .එසේම මෙම මසුන් සර්වබක්ශක මසුන් විශේෂයක් නිසා පොඩි මාලු පැටවුන් ආහාරයට ගැනීමට හැකියාවක් ඇත.එමනිසා පොඩි මාලු පැටවුන් සමග ඒන්ජල් මසුන් රැකබලා ගැනීමට නොහැක .එසේම මොවුන් ක්‍රියාශීලී මත්ස්‍ය විශේෂයක් නිසා ක්‍රියාශීලී නොවන මත්ස්‍ය විශේෂන් සමග එකට ඇතිකරීමට අපහසු වේ.

 එමෙන්ම ඒන්ජල් මසුන්ට ඉක්මනින් ලෙඩ රෝගයන් වැලදීමේ හැකියාව වැඩි මසුන් විශේෂයක්. ගොඩක් ලෙඩ රෝගයන් වැලදී මට ප්‍රදාන හේතුව වන්නේ ජලයේ ගුනාත්මකබාවය අඩුවීම . එමනිසා ජලයේ ගුනාත්මකබාවය හොඳින් පවත්වාගතයුතු වේ.

  එමෙන්ම ඒන්ජල් මසුන්ට අවශ්‍ය ටැන්කිය සකස් කිරීමේදී පැලෑටි වර්ග , drift wood , ටැංකියේ පතුලට වැලි හෝ ගල් වර්ග යෝදාගන්න.


*ලෙඩ රෝග


- වරල් කුනුවීම (fin rot)
- ඇස් රතුවීම(red eyes)
- වලාකුළු සහිත ඇස්(clouded eye)
- ජලයේ මතුපිට පාවීම(float near the surface of    the water)
- ආහාර නොගෙන සිටීම(the fish does not eat)


*ඒන්ජල් මසුන් සමග එකට රැකබලා ගැනීමට හැකි මසුන් වර්ග ,


- රෛන්බෝ ශාර්ක් (Rainbow shark)
- කොරිඩෝරා කැට්ෆිශ් (Corydora catfish)
- ඩෝෆ් ගුරාමි (Dwarf gourami)
- සීබ්‍රා මසුන් (zebra fish)
- බාර්බ් මසුන් වර්ග(Barb fish types) 
- ගෝල්ඩ්ෆිෂ් මසුන් (GoGoldfish)

 *පෝෂණය ,


  ඒන්ජල් මසුන් යනු මාලු ටැන්කියේ හැමතැනම පිහිනන මත්ස්‍ය විශේෂයක් .එගේම මෙම මසුන් මාන්ශමය ආහාර ආහාරයට ගැනීමට වැඩි රැචියක් දක්වන මත්ස්‍ය විශේෂයක් .එසේ වුවත් සාමාන්‍ය මාලු කෑම වර්ගත් මෙම මසුන්ට ආහාරයට දීමට හැකි ය.(Protein pallet , fish flakes , bloodwarms,normal pallet)

 එසේම ගුනාත්මකබාවයෙන් යුතු හොඳ කෑම වර්ග ලබාදීම මගින් මත්ස්‍යයාගේ හොඳ වර්දනයක් සහ වැඩි ආයුකාලයක් ජීවත් වේ.

                                                                   - Lrguides-



Comments

LRWD said…
Good 👍😍